අද කාලේ වේගවත් ජීවන රටාවත් එක්ක, අපේ ගොඩක් කාන්තාවන්ට හෝර්මෝන අසමතුලිතතා ඇතිවෙනවා. ඒ වගේම ගර්භාෂයේ රෝග තත්ත්වයන්ද බහුල වී ඇත. මම බටහිර සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවන් දෙකම හදාරපු කෙනෙක් විදියට දකින්නේ, මේ ගැන නිවැරදි දැනුමක් නැති නිසා ගොඩක් දෙනෙක් අනවශ්‍ය විදියට පීඩා විඳින බවයි. සමහරුන් රෝග තත්ත්වය තවත් දරුණු කරගන්නවා. මේ ලිපියෙන් අපි PCOS ආයුර්වේද ප්‍රතිකාර ශ්‍රී ලංකාව තුළ කොහොමද සිද්ධ වෙන්නේ, ඒ වගේම මේ රෝගී තත්ත්වය ගැන තවත් වැදගත් තොරතුරු සරලව කතා කරමු.

හෝර්මෝන සහ ගර්භාෂ ප්‍රශ්න කියන්නේ මොනවාද?

කාන්තාවකගේ ප්‍රජනක පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන ප්‍රධාන හෝර්මෝන දෙකේ සමබරතාවය නිසයි. මේ සමබරතාවය පොඩ්ඩක් හරි වෙනස් වුණොත්, අපේ සෞඛ්‍යයට ලොකු බලපෑමක් එනවා. බොහෝ විට එය මාස් ශුද්ධිය අක්‍රමවත් වීම, ගර්භාෂයේ ගෙඩි ඇතිවීම ආදී තත්ත්වයන්ට මුල් වෙනවා. එන්ඩොමෙට්‍රියෝසිස් වගේ මහා වේදනාකාරී රෝගත් ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේම ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇතිවෙන PMOS (පැරණි නම PCOS) කියන තත්ත්වයත් මේ අතර ප්‍රධානයි. මේ තත්ත්වයන් මානසිකවත් අපිට ලොකු පීඩනයක් ගෙන දෙනවා. ඇතැම් විට දරුවන් ලැබීමේ අපහසුතා පවා ඇතිවෙන්න පුළුවන්.

අලුත් PMOS (PCOS) ප්‍රවේශය ගැන දැනගමු

ඔයාලා PCOS ගැන අහලා ඇති. හැබැයි අලුත්ම වෛද්‍ය පර්යේෂණ අනුව දැන් මේ තත්ත්වයට PMOS (Polyendocrine Metabolic Ovarian Syndrome) කියන නම තමයි පාවිච්චි කරන්නේ. කලින් හිතුවේ මේක ඩිම්බ කෝෂ වලට විතරක් සීමා වෙච්ච ගෙඩි ප්‍රශ්නයක් කියලා. දැන් අපි දන්නවා මේක මුළු ඇඟේම අන්තරාසර්ග පද්ධතියේ සහ පරිවෘත්තීය ක්‍රියාවලියේ බිඳවැටීමක් කියලා.

PMOS වල ප්‍රධාන ලක්ෂණ කීපයක් මෙන්න:

  • ඉන්සියුලින් ප්‍රතිරෝධය. ඇඟට ඉන්සියුලින් හෝර්මෝනය හරියට පාවිච්චි කරන්න බැහැ. ලේවල සීනි සහ ඉන්සියුලින් මට්ටම ඉහළ යනවා. බෙල්ල වටේ හම කළු වීම වැනි දේ මෙහි ලක්ෂණයක්.
  • පිරිමි හෝර්මෝන වැඩි වීම. මුහුණේ, බඩේ අනවශ්‍ය විදියට රෝම වැවෙනවා. කුරුලෑ එනවා, හිස්කබලේ කෙස් හැලෙනවා.
  • බිත්තර මෝරන්නේ නැහැ. ඩිම්බකෝෂ වටේට පොඩි වතුර බුබුළු හැදුණත්, නියමිත වෙලාවට බිත්තර පිටවෙන්නේ නැහැ.

බටහිර වෛද්‍ය විද්‍යාව සහ PCOS

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව, මේකට ජානමය බලපෑම් සහ අපේ වැරදි ජීවන රටාවත් හේතු වෙනවා. මේ තත්ත්වය දිගටම තිබුණොත් දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය, අක්මාවේ තෙල් තැන්පත් වීම වගේම ගර්භාෂ පිළිකාත් ඇතිවෙන්න පුළුවන්. බටහිර ක්‍රමයට මේක හොයාගන්නේ හෝර්මෝන පරීක්ෂණ සහ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් මගින්. ප්‍රතිකාර විදියට හෝර්මෝන පෙති, මෙට්ෆෝමින් වගේ බෙහෙත් දෙනවා. අවශ්‍ය නම් ශල්‍යකර්ම පවා සිදු කරනවා.

ආයුර්වේද දෘෂ්ටිකෝණය

ආයුර්වේදයට අනුව කාන්තාවකගේ ප්‍රජනක පද්ධතිය අයිති වෙන්නේ "ආර්තව වහ ස්‍රෝතස්" කියන පද්ධතියටයි. මේ වගේ රෝගයක් හැදෙන්නේ ඇඟේ තියෙන වාත, පිත්ත, කප කියන ත්‍රිදෝෂ සහ රස, රක්ත, මාංශ කියන ධාතූන්ගේ සමබරතාවය නැති වුණාමයි.

අපි ගන්න වැරදි කෑම වර්ග නිසා සහ ව්‍යායාම නැතිකම නිසා ඇඟ ඇතුළේ "ආම" කියන විෂ ද්‍රව්‍ය හැදෙනවා. මේ විෂ නිසා ඇඟේ තියෙන සියුම් නාලිකා අවහිර වෙනවා. අන්න ඒ නිසයි ඩිම්බකෝෂ සහ ගර්භාෂය ඇතුළේ ගෙඩි වගේ දේවල් හැදෙන්න ගන්නේ. PCOS ආයුර්වේද ප්‍රතිකාර ශ්‍රී ලංකාව තුළ මෙන්න මේ මූලික හේතුවලට පිලියම් යොදමින් සිදුවෙනවා.

PCOS ආයුර්වේද ප්‍රතිකාර ශ්‍රී ලංකාව තුළ සාර්ථකව සිදු වෙන්නේ කොහොමද?

බටහිර වෛද්‍ය විද්‍යාවේ නූතන පරීක්ෂණ ක්‍රම සහ ආයුර්වේදයේ ස්වභාවික ප්‍රතිකාර ක්‍රම එකට එකතු (Integrated Medicine) කරලා මේ රෝගය මුලින්ම නැති කරන්න පුළුවන්. මේ ස්වභාවික ප්‍රතිකාර ඔබට මෙහිදී බෙහෙවින්ම උපකාරී වේ.

ප්‍රධාන වශයෙන්ම අපි අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් මෙන්න:

  • කෑම බීම පාලනය. පැණි රස කෑම, පාන් පිටි කෑම, පැකට් කරපු බීම සහ ෆ්‍රයිඩ් රයිස්, කොත්තු වගේ කෑම වර්ග සම්පූර්ණයෙන්ම වළක්වන්න ඕනේ. ඒ වෙනුවට නිවුඩු බත්, පලා වර්ග, හොඳ නැවුම් එලවළු සහ පලතුරු වැඩියෙන් ගන්න. ඔබේ ආහාර රටාව ගැන වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් මෙතනින් අපේ <a href="/quiz">ආහාර පාලන ක්විස්</a> එක කරන්න.
  • සක්‍රීය ජීවන රටාව. දවසට විනාඩි 30 ක්වත් හොඳට දාඩිය දානකම් ඇවිදින්න. නැත්නම් ව්‍යායාම හෝ යෝග කරන්න. ඇඟේ බර 5% ක් විතර අඩු කරගත්තත් හෝර්මෝන සමබර වෙනවා.
  • මානසික ආතතිය අඩු කරගැනීම. අපි ඕනෑවට වඩා හිතනකොට, ආතතියට පත්වෙනකොට ඇඟෙන් කෝටිසෝල් හෝර්මෝනය හැදෙනවා. මේකෙන් රෝගය තවත් වැඩි වෙනවා. ඒ නිසා හිත සන්සුන්ව තියාගන්න භාවනා කරන්න. එහෙමත් නැත්නම් ආගමික වතාවත් වල යෙදීම ගොඩක් වැදගත්. ඔබේ මානසික සෞඛ්‍යට වැදගත් වන තොරතුරු මෙතනින් කියවන්න. <a href="/breathing">හුස්ම ගැනීමේ ව්‍යායාම.</a>

ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම

ආයුර්වේදයේ කරන්නේ රෝග ලක්ෂණ විතරක් යටපත් කරන එක නෙවෙයි. රෝගය හැදෙන්න මූලික වුණු හේතුවම ඇඟෙන් ඉවත් කරන එකයි.

  • පංචකර්ම ප්‍රතිකාර. ඇඟේ එකතු වෙලා තියෙන විෂ (ආම) ඉවත් කරන්න වමන, විරේචන සහ වස්ති වගේ ශරීරය පිරිසිදු කරන ප්‍රතිකාර කරනවා. ගර්භාෂයේ රෝග සහ දරුවන් නැති අයට කරන "උත්තර වස්ති" ප්‍රතිකාරය ඉතාමත් සාර්ථකයි. මේ වගේ ප්‍රතිකාර ගැන වැඩිදුර විස්තර සඳහා <a href="/directory">අපේ වෛද්‍යවරුන්ගේ නාමාවලිය</a> බලන්න.
  • ස්වභාවික ඖෂධ. අශෝක, හාතාවාරිය, ගුග්ගුලු, කාංචනාර වැනි ප්‍රබල ආයුර්වේද ඖෂධ මේ සඳහා පාවිච්චි කරනවා. මේවායින් හෝර්මෝන සමතුලිත කරලා, ගර්භාෂයේ සහ ඩිම්බකෝෂවල තියෙන ගෙඩි ස්වභාවිකවම දිය කරලා හරිනවා.
  • ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය යහපත් කිරීම. කෑම දිරවීම මන්දගාමී වීම වළක්වලා, ඇඟේ අනවශ්‍ය ලෙස තෙල් සහ විෂ එකතු වීම නවත්වනවා.

කෙටියෙන් කිව්වොත්,

PMOS (PCOS) හෝ ගර්භාෂයේ ගෙඩි කියන්නේ සුව කරන්න බැරි රෝග නෙවෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් රෝගය හරියටම හඳුනාගෙන, ආයුර්වේද ක්‍රමයට ඇඟ ඇතුළතින්ම පිරිසිදු කරලා, කෑම බීම සහ ජීවන රටාව වෙනස් කරගත්තොත් ඔබට ඉතාමත් නිරෝගී, සතුටුදායක ජීවිතයක් ගත කරන්න පුළුවන්. <a href="/book">වෙන්කරවා ගැනීම සඳහා.</a>

By Dr. Harshana Niriella